කවියක් නොවු කව....

Monday, April 29, 2013

අසම්මත......

සංවේදි කදුළක උපත
අසංවේදි මිනිසකුගේ නෙතින්
හැගිම් වල්මත්ව
තුන් හිතම නිරුත්තර
හිස් හදවතක් එක්ක
සිතිවිලි පොර බදින
මොළ ගෙඩිය මොට වෙලා
කශේරුව ඇදවෙලා
ගමනාන්තයට පෙර
මේ ගමන නිමවෙලා
දෙපායුග නැතිවාරු
හදවතින් සිඟායැද
නොලැබෙනා බැව් හැඟින
නුඹේ නෙත් තෙත්වෙලා
අසම්මත තප්පරෙක
විසම්මුති කුමකටද
තවත් මේ දාර්ශනික
ඉලව් මත මක්කටද
අන්තගාමී නුඹට
නිවන නම් දුර ඈත......

නුඹ යන්න ගියත්

දඩබ්බර පිරිමි හිතමත
පෙම් පාට හෙලා තවරා
මුදු සුවද දසත විසිරා
නුඹ කොහිද ගියේ නොකියා

පෙම් හීන ගොඩක් මවලා
තව බොලද කතා කියලා
මගේ හිතට හොරෙන් එබිලා
නුඹ දැල්වුවාය අනුරා

නුඹ යන්න ගියත් නොකියා
තුන් හිතක නැතිය තරහක්
දුක වාවගන්න විදිහක්
නුඹ නොකියා ගියපු හැටියක්

Ridawu Hada



Epa.............