කවියක් නොවු කව....

Monday, April 29, 2013

නුඹ යන්න ගියත්

දඩබ්බර පිරිමි හිතමත
පෙම් පාට හෙලා තවරා
මුදු සුවද දසත විසිරා
නුඹ කොහිද ගියේ නොකියා

පෙම් හීන ගොඩක් මවලා
තව බොලද කතා කියලා
මගේ හිතට හොරෙන් එබිලා
නුඹ දැල්වුවාය අනුරා

නුඹ යන්න ගියත් නොකියා
තුන් හිතක නැතිය තරහක්
දුක වාවගන්න විදිහක්
නුඹ නොකියා ගියපු හැටියක්

No comments:

Post a Comment