කවියක් නොවු කව....

Sunday, May 5, 2013

අප දවසක.....




                                     සිහින මියදෙන යාමේට 
පෙම් හිත් බිදෙනවා  නොදැනිම 
          බොලද සිත් සතන් තුල             
කෙටි කාලින වේදනා අපමණය

මියදුනත් අප දවසක
සදහටම අපි අපේම විතරක්ය
පැවසු උන් වෙන්ව දෙතැනක
විරහා කදුලැල් නෙත් අග.......

කපුටු බෝ.....

                                                       
                                     අපි ඉස්සර වෙලාම හම්බවුනේ
                                     කාක බෝ ගහක් යට
                                     ඔයාට මතකදත......
                                     ඔයා හැමදාම කිව්වේ ඒක
                                     හරි වැරදියි කියලා
                                     මට හිතාගන්න බැරිව හිටියේ
                                     අපි මුණගැහුනු එකද වැරදි,
                                     මම ආදරේ කරපු එකද වැරදි ,
                                     එහෙමත් නැත්නම් මේ කපුටු බෝ ගහද
                                     වැරදි  කියලා
                                     වැරැද්ද තේරැනේ හුගකලක් ගිහිල්ලා
                                     කාක බෝ ගහක් යට හිටපු ඔයාට
                                     ආදරෙයි කිව්වේත්
                                     මේ කපුටු බෝ ගහ යටදිම තමයි
                                     එකත් වැරදියි
                                     ඒත් ලොකුම වැරැද්ද
                                     නුඹ වගේ ගැහැණියක්ට අසම්මතයේ 
                                     ආදරය කිරීම නේද.......?

                                                        
                                                      තාමත් කපුටෝ එක්ක තරහ මං
                                                                                                   තරිදු නිර්මාල්

ප්‍රේම‍යේ මළගම




ඒක පාර්ශවීය ප්‍රේමයක
මළගම් දවස හෙට නොව අදය
වනේ වන හතුරේකුට
නොවියන් මට වන් දුකක් හෙට

බෙර පද දවුල් නද
හෙවිසි වයන්නට
අනේ අහෝ කිය කිය
වැලපෙන්න කෙනෙක් නැත
 
හදවතේ කොනක නොව
හදවතේ මැදම මම
මගේ  ප්‍රේමය භුමදානය කලෙමි
සදහටම මම

කවියක් නොවු කව....: වැස්ස වලාහක දෙව්යන්

කවියක් නොවු කව....: වැස්ස වලාහක දෙව්යන්

වැස්ස වලාහක දෙව්යන්

ගුරුපාරේ නුඹ තනිවම
පියමනිද්දි හැඩට හැඩේ
මං උන්නා එ පාරේම
හෙමින් අඩිතියා

නිකමටවත් විහිළුවකට
නොහිතු ලෙසින් වැහි වැටෙද්දි
කුඩයක් නැති අසරණ මා
හොදහැටි තෙමුණා

මං දැක දැක නොතේමි  නොතේමි
මල් කුඩයක් ඉහලාගෙන
සරදමකට මෙන් හිනැහි
ලහි ගමනින් නුඹත් අනේ
පියමං කෙරුවා

වැස්ස වලාහක දෙව්යන්
දැන්නමි මා තෙත බරියන්
නුඹත් මේමට තරවටුකමි
කරන අපුරුව බලපන්